Privacy Policy

Friday, June 1, 2018

අලුත් මැෂින් එක

ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ..ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු…
”ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි”
මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු..
”බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි”
දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,.
”මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක්ගේ ලිංගික ශක්තිය වැඩි තරමට තමයි එයාට ගොඩක් දරා ගන්න පුලුවන් වෙන්නේ, ලිංගික ශක්තිය අඩු කෙනෙක් නම් මරනයට පවා පත් වෙන්න උනත් පුලුවන්”.
ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ඩොක්ටර් වැඩේ පටන් ගත්තලු..
”ඔන්න එහෙනම් මන් මේක 10% කට දානව, 10%ක් කියන්නෙ ඇම්ඩම් ඔයාට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනව, හාන්සි වෙලා ඉන්න”
මුට ගානක්වත් නෑලු.. ඒ පාර ඇම්ඩ හිනාවකුත් දාල..
”ඩොක්ටර් ඕක 20%ක් දාන්න”.
එත් මූ සැපට ඉන්නව, ගානක්වත් නෑ., ඒ පාර මූ. ගැම්මටත් එක්ක.
”ඩොක්ටර් ඕක 50%ක්ම දාන්න ඩොක්ටර්”
ඒත් මූ ශෝක් එකට ඉන්නව, ගානක්වත් නෑ.. නර්ස්ලත් ඇස් උඩ තියන් ආසාවෙන් බලන් ඉන්නවා කව්ද යකෝ මේ අලුත් කෙරුමා කියලා, ඩොක්ටර්ටත් පුදුමයි, ගෑනිටත් අමාරුව ගොඩක් අඩුයි., ඒ පාර මූ ගෑනිගෙ මූනත් බලල සනසවන්න වගේ හිනාවකුත් දාල, වීරය වගේ නර්ස් කෙනෙක්ට ඇහැකුත් ගහලා.
හන්ඩ්‍රට් පසන්ට් තාත්තට දාන්න ඩොක්ටර්”
කිව්වලු. ඩොකත් ඉතින් ඇම්ඩගෙ හාට් බීට්, බ්ලඩ් ප්‍රෙශර් චෙක් කරල එහෙම නෝමල් හින්ද 100% දැම්මලු.,
අම්මට හුඩු පට්ට, ගෑනිට පොඩ්ඩක්වත් අමාරුවක් නෑලු, ඇම්ඩටත් මොන ඉහෙන් බහින අමාරුවක්වත් නැතුව හිනාවකුත් දාගෙන ඉන්නවලු.,ගෑනිට මොන හෙනයක්වත් නැතුව ඇඟට නොදැනිම නිරෝගී බබෙක් හම්බ උනාලු.,මුන් දෙන්නත් එක්ක බබාවත් අරන් දැන් ගෙදර යන්න හොස්පිටල් එකෙන් එලියට ආවලු.

ඇවිල්ල බලද්දි මෙන්න ඩ්‍රයිවර් වාහනේ ඇතුලෙ මැරිලලු

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..