මේක ඇම්ඩට මෝල් උණ වැඩියෙන්ම තිබ්බ කාලේ උන වැඩක්.. මූ හැමදාම තාත්තාගෙන් සල්ලි ගරනවලු මාසෙකට සැරයක් බඩුවක් ගහන්න... නිකම් එසේ මෙසේ බඩු නෙවෙයි හොඳ පොෂ් බඩු.. ඇම්ඩ එකට පොතකුත් තියාගෙන හිටියලු ගණන් හිලව් ලියන්න..
බඩුවක් ගැහුවම ලියනවලු "අද කොකෙක් මැරුව රැ 5000" කියලා.. දවසක් මේ පොත මාට්ටු උනාලු ඇම්ඩගෙ තාත්තට.. තාත්ත පොත බලලා වැඩේ දැනගෙන කිව්වලු පුතේ උඹ කොක්කු මැරුවට කමක් නැහැ වියදම ගැනත් හිතපන් කියලා... එදා ඉඳලා ඇම්ඩ තාත්තාගෙන් ඉල්ලන ගාන අඩුකරාලු. තාත්තත් හෙන happy එකේ ඉන්නවලු වියදම අඩුවුනානේ කියලා...
ඊට සෑහෙන කාලෙකට පස්සේ තාත්තට හිතුනලු ඇම්ඩගෙ පොත (බඩු පොත) බලන්න. ඇම්ඩ ගෙදර නැති වෙලාවක තාත්තා පොත අරගෙන පෙරලගෙන ගියාලු පිටු ටික..
එකේ ඇම්ඩ ලියල තිබ්බලු මෙහෙම
" අද කොකෙක් මැරුව රුපියල් 500...."
"අදත් කොකෙක් මැරුව රුපියල් 1000..."
"කොකෙක් මැරුව රුපියල් 750..."
ඔහොම විසිවතාවකට විතර පස්සේ ලියල තිබ්බලු "තුවක්කු බටේ අලුත්වැඩියා කරා රුපියල් 25000" කියලා....