Privacy Policy

Friday, March 23, 2018

බෝක්කුව

ඔන්න මචන්ලා දවසක් හොඳට ඇඟ පත තියන මැරයෝ දෙන්නෙක් පාර අයිනේ බංකුවක වාඩි වෙලා ඊලඟ ගේම් එක ප්ලෑන් කර කර ඉන්නවා. එක මැරයෙක් ඒ පලාතෙමලු. අනික් එකා ටිකක් දුර පලාතකලු. ඒ පලාතේ එකා කබර සුදා…. අනිකා ආනමාලුවා කියලා…….

මේ වෙලාවේ එතනට ආව අපේ ඇම්ඩා මුන්ට කින්ඩිය දානවා…. “අඩෝ… තොපි චන්ඩිද ඩෝ……. පුලුවන් නම් වර මගෙත් එක්ක ගහගන්න….. (සුලැඟිල්ල පෙන්වමින්) තොපිට ඇඟ තිබුනට අරක මෙච්චරයි….. හූ…. හූ

ඉතින් ආනමාලුවාට මල පැන්න…. ඌ අර කොල්ලා පස්සේ පන්නන්න හැදුවට කබර සුදා යන්න දුන්නේ නැතිලු. ” ඔන්න ඔහේ හිටපන් බන්. ඌ අහින්සකයා…. කෑගහලා කෑගහලා යයි….”

තව ටිකකින් ආයිත් ඇම්ඩා එතනට ඇවිත්….. ” අඩෝ…… (සුලැඟිල්ල පෙන්වමින්) මෙච්චරයි නේ…..” කීවලු. ආයිත් ආනමාලුවා අරූ පන්නන්න හැදුවලු. කොල්ලා දිව්වලු. ඒත් කබර සුදා ආනමාලුවාව නැවැත්තුවලු… “ඌට පාඩුවේ ඉන්න දියන් බන්….. ඔය නිකම් කෑගහන්නේ….” කියලා.

ආයිත් තව ටිකකින් ඇම්ඩා ආවලු. ඇවිත් ආනමාලුවාට කීවලු ” තොගේ ඇඟ තිබුනට අරක මගේ තරම් වත් නෑනේ….. (සුලැඟිල්ල පෙන්වමින්) මේ ගානනේ නෙද….? හූ…. හූ……”

මේ වතාවේ නම් ආනමාලුවාගේ ලිමිට් පැන්නලු. කබර සුදා නවත්තන්න හැදුවත් මූ ඇම්ඩගෙ පස්සෙ පන්නගෙන ගියාලු. ඇම්ඩත් ඉතින් කෙලගෙන ගිහිල්ලා රින්ගුවලු බෝක්කුවක් ඇතුලෙන්. මැරයත් අතෑරියේ නැතිලු. මිනිහත් රින්ගුවාලු. ඒත් කරුමේ කියන්නේ මිනිහා ඇඟ බෝක්කුවට දැම්මට රින්ගන්න බැරිලු. ඉස්සරහා කොටස හිර උනාලු බෝක්කුව අතුලේ. පස්ස එලියෙලු. මූ රින්ගන්න දඟලන නිසා කලිසමත් ගැලවිලාලු.

ඇම්ඩ අනිත් පැත්තෙන් එලියට ඇවිත්
ලැබුන චාන්ස් එකනේ කියලා අරූගේ පස්චාත් භාගයට දෙන්න පුලුවන් සත්කාරය කරලා දිව්වලු ආයේ හොයා ගන්න වත් බැරි වෙන්න.

ටික වෙලාවකින් ආනමාලුවා බොහොම අමාරුවෙන් බෝක්කුවෙන් එලියට ඇවිත් කබර සුදා හිටිය පැත්තට එනවලු අමාරුවෙන්. උගේ මූනත් එච්චර හරි නැතිලු. මේක දැකපු කබර සුදා කියනවලු

” මම උඹට ඕකනේ කීවෙ ඌට කෑගහන්න දීල පාඩුවේ හිටපන් කියලා. උඹට ඕක උනේ එක පාරයි. මම ඕකට තුන් පාරක් අහු උනා බන්….