Privacy Policy

Thursday, March 22, 2018

තාත්තා

කොල්ලෙක් තාත්තා ලගට ගිහිල්ලා කිව්වලු…

පුතා : තාත්තා මම කෙල්ලෙක්ට ආදරෙ කරනවා.. එයා මාර ලස්සනය්..
තාත්තා : බොහම හොදය් පුතා.. කව්ද ඒ කෙල්ල??

පුතා : තාත්තා එයාව දන්නවා.. එයාගේ නම චන්ද්රා.. අපේ ගෙදරට එහා පැත්තේ ඉන්නේ…අන්න එයා!!
තාත්තා : හ්ම්ම්. පුතේ මම මේ දේ ඔයාට කියන්න ඕනේ.. මේක අම්මට කියන්නෙපා… ඔයාට ඒ කෙල්ලට ආදරෙ කරන්න බැ.. මොකද එයා ඔයාට නංගි කෙනෙක් වෙනවා..

කොල්ලට මාර අප්සට් ලු.. කාලය ගැවි ගියාලු.. මාස දෙක්ක තුනකට පස්සේ ඒ කොල්ලා ආයිත් තාත්තා ලගට ගිහිල්ලා කිව්වලු..
පුතා : තාත්තා මම තව කෙල්ලෙක්ට ආදරේ කරනවා.. එයා පරණ එක්කෙනාවට වඩා ලස්සනය්..
තාත්තා : ඇත්තද.. කව්ද ඒ??

පුතා : එයා ඇන්ජලිනා.. අපේ සුදු ආන්ටිගේ දුව..
තාත්තා : පුතා ගැන දුකය් මට පුතා.. ඇත්තටම එයත් ඔයාට නංගි කෙනෙක් වෙන්නේ.. ඒ නිසා ඔයාට එයාවත් යාලු කරගන්න බැ..

මේ විදිහට තව දෙතුන් පාරක් උනාලු.. කොල්ලට දැන් පිස්සු වගේලු.. බැරිම තැනේ කොල්ලා ගියාලු අම්ම ලගට.. කොල්ලා අඩ අඩ කිව්වලු…

පුතා : අම්මේ මට තාත්තව මට දැන් එපා වෙලා තියෙන්නේ.. මම කෙල්ලෝ 6 දෙනෙක් එක්ක විතර යාලු වෙන්න හදලා ඒ ගැන තාත්තට කියන්න ගියා.. තාත්තා කියනවා ඒ හැමෝගෙම තාත්තා එයාලු.. ඒ නිසා එයා කියනවා එගොල්ලන් එක්ක යාලුවෙන්නෙපා කියලා..

අම්මා පුතාව ආදරෙන් බදාගෙන කිව්වලු..

අම්මා : ”පුතා ඔයා ඔයාට ඕන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න.. මොකද එයා නෙමෙය් ඔයාගේ තාත්තා”