Privacy Policy

Thursday, March 22, 2018

අපාය

ලංකාවෙ කොල්ලො සීන්ම කරපු ඩයල් දෙකක් අපායට ගියාලු. මුන් අම්බානක වැරදි කරලා නිසා යමරජ්ජුරැවො කීවාලු මුන් දෙන්නව ලෝදිය හැලියට දාලා දඬුවම් කරන්න කියල.

ඊට සති දෙකකට වගේ පස්සෙ ඔන්න යමරජ්ජුරැවො අපායෙ වීදි සංචාරයක් යනකොට දැක්කලු අර ලංකාවෙ ඩයල් දෙක බෝක්කුවක් උඩට වෙලා චැට් එකක් දාගෙන ෆන් එකේ ඉන්නවා.

ඕක දැකල බුවාට මල පැන්නලු.මාලිගාවට ගිය ගමන් අරැන්ට වැඩේ දෙන්න පවරපු යම පල්ලන්ට ඵනන කියා කුනු වෙන්න බනිනවලු වැඩේ නොකලට.

බනින අතරෙ එක යමපල්ලෙක් කියනවාලු " සමාවෙන්න රජතුමනි අපි උවමනාවෙන් නොකලා නෙවෙයි.අර කාලකන්නි දෙන්නා අපි දෙන්නට ලෝදිය හැලිය පත්තු කරගන්න දර කෑල්ලක් ලිපට දාගන්නවත් නැවෙන්න දෙන්නෙ නෑනෙ" කියලා..