Privacy Policy

Friday, March 23, 2018

බස් එක

ඇම්ඩාගෙ කටේ හැටි ඉතින් මම උබලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔන්න ඉතින් ඇම්ඩා පොඩි කාලේ මුගේ උපන්දිනේකට තාත්තා මූට පොඩි සෙල්ලම් බස් එකක් දුන්නලු තෑග්ගකට
මුගේ වැඩේ ඉතින් දවස තිස්සෙම ඕකත් එක්ක සෙල්ලම් කරන එක තමයි.

දවසක් උදෙන්ම අම්මට ඇහෙනවලු සාලේ පැත්තෙන්
"මොනවද ඕයි කරන්නෙ ඇතුලට යනවකෝ ඔතන ඉන්නෙ නැතිව.... ගන්නව ගන්නව සල්ලි.. කොහේ යන්නද් ඕයි මේකේ ඇගිල්ලක්වත් ගහන්න ඉඩ නෑ තමුසේ තව පටවනවා.... මොකද තමුසේ ඔතන කරන්නෙ බැරිනම් බැහැල වෙන එකක යනවා... පාගල පලයන් බං සී.ටී.බී එකක් එනවා අපිව කපාගෙන යනවා වගෙයි ඇරල දාපං... ඔය නාකි උන්ට බස් එක නවත්තන්න එපා යකෝ පරක්කු වෙනවා"

මේ ටික අහුන ඇම්ඩගෙ අම්මට තරු විසිඋනාලු. ඇම්ඩා මගියෝ, කොන්දොස්තර චරිත දෙකේම දෙබස් කිය කියා සෙල්ලම් කරනවලු. අම්මා ඇම්ඩා ලගට ගිහින් ඇම්ඩට ආදරෙන් කිව්වලු,
"අනේ පුතේ ඔය විදියට කතා කරන්න එපා .. අපි කවුරුත් ඔය විදියට කතා කරන්නෙ නෑනේ...

කොන්දොස්තර මාමල කියන දේවල් අහගෙන ඉදල මයේ පුතා ඒවා කියන්න එපා... මගේ හොද පුතානේ..."
කියල ඇම්ඩට ආදරෙන් කියල ගියාලු. ඊට පස්සෙ කිසිම සද්දයක් නැතුව සෙල්ලම් කරනවලු. මගීන්ට මූ මාර අදරෙන් සලකනවලු.

'' එන්න මහත්තය නගින්න... නෝනල මහත්තයල සල්ලි ගන්න..."
අම්මටත් දැන් ඉතින් හිනාලු මේ සීන් එකට. ඔන්න ඉතින් බස් එක ගමනාන්තයට ඇවිල්ලලු.
" ආ...ඔක්කොම බහින්න..."

"මීට වඩා හොදයි ඕයි පයින් ආව නම්. තමුසෙලා ගෑටුවනේ අයිසේ''

''යකෝ පො@$% පරක්කු උන හේතුව ගිහිං අහගනින් අපේ අම්මගෙන්. අන්න ඉන්නව කිස්සියෙ.. උබට විතරක් නෙවෙයි යකෝ මටත් පාඩුයි... මම ආපු විදියට ආවනම් මෙලහකට මම අනිත් ටර්න් එකටත් බුස් එක ගහලා....."

මේ ටික අහුනා විතරයිලු ඇම්ඩගෙ අම්මා ක්ලාන්තේ දාල වැටුනලු.